නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනේ

වැලිගම, අකුරැස්ස මාර්ගයේ දෙනිපිටිය මහ පාලම අසලින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන් සමත් විය.

ඒ අනුව, අද (ජුනි 01) දෙනිපිටිය මහ පාලම අසලින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුවේ සහය ඉල්ලා වැලිගම, පොලිසිය විසින් නාවික හමුදාවට කල දැනුම් දීමකට අනුව දකුණු නාවික ප්‍රදේශ භාර ආඥාපතිගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර හරින ලදී.

‍කඩිනමින් එම ස්ථානය වෙත ලඟාවූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබු එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට සමත් වූ අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.