නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 වන දින පූනෑව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ශ්‍රී ලංකා නාවික නෞකා පණඩුකාභය නාවික කඳවුර ඉදිරිපිට කඩයක අසලට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු තහනම් දුම්වැටි වර්ගයක් අලෙවි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී දුම්වැටි 200 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 43 වන වියෙහි පසුවන පූනෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා, නීති විරෝධී දුම්වැටි තොගය සහ යතුරුපැදිය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මැදවච්චිය, පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.