වැදගත් සිදුවීම්

වෙළඳ නෞකාවක රෝගීව සිටි පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි.

“කේප් වයලට්” නැමැති වෙළඳ නෞකාවේ සිටි උදරාබාදයකින් පීඩාවට පත් රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජූනි 04) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

04 Jun 2019

නාවික හමුදාව විසින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව අද (ජූනි 04) අළුයම ඉලුප්පුකඩවෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිවසක් පිටුපස වලදමා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 700 ක් සොයාගැනීමට සමත්ව ඇත.

04 Jun 2019

මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 04) අළුයම මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් සොයාගෙන ඇත.

04 Jun 2019