බීඩිකොළ කි‍ලෝග්‍රෑම් 60.7 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කෙළ කිලෝග්‍රෑම් 60.7 සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පාමුර සංචාරයක් අතරතුර වෙරළ තීරයට ගොඩගසා තිබූ මෙම බීඩිකොළ තොගය සොයා ගෙන ඇති අතර, එම බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.