නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 384 ක්, ඩිංගි යාත්‍රා 03 ක්, පිටත දහන යන්ත්‍ර 03ක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, මසුන් තොගය, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.