වැදගත් සිදුවීම්

පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව අද (ජුනි 06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

06 Jun 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් සොයා ගෙන ඇත.

06 Jun 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 05 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Jun 2019

බීඩිකොළ කි‍ලෝග්‍රෑම් 60.7 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කෙළ කිලෝග්‍රෑම් 60.7 සොයා ගෙන ඇත.

06 Jun 2019