බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 194.8 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 07 වන දින පලෙයිතිව් දුපත සහ ඩෙල්ෆ් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාරයන් අතරතුරදි බීඩි කොළ කිලෝග්‍රෑම් 194.8 සොයා ගෙන ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩෙල්ෆ් දුපතේ කුවින්තාවාඩි වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුර වෙරළ තීරයට ගොඩගසා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 87.9 ක් සොයා ගෙන ඇත. තවද, එම විධානයටම අයත් පලෙයිතිව් පිහිටි නාවික අනුකණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ද වෙරළ තීරයට ගොඩගසා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 70.9 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම එම විධානයටම අනුයුක්ත නාවිකයින් විසින් පුලියන්තිව් දුපතෙහි සිදු කළ සෝදිසි කිරීමකදි ද වෙරළ තීරයට ගොඩගසා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 36 ක් සොයා ගෙන ඇති අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලයට සහ කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

ඒ අනුව මෙම මාසය තුල පමණක් නාවික හමුදාව සිදු කළ මෙහෙයුම් මඟින් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 2300 කට අධික ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.