හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 08 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලබයි.