බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 115 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 09 වන දින සිලාවතුර, හුනෙස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 115 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර, හුනෙස් නගර් ප්‍රදේශයේ සිදු කළ පාමුර සංචාරයක් අතරතුර මෙම බීඩි කොළ සොයා ගෙන ඇති අතර, ඒවා කැලයක් තුල සඟවා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සිලාවතුර පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එම විධානයටම අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2019 ජුනි මස 07 වන දින මෙම ප්‍රදේශයේදිම ලොරියක් මඟින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, එමඟින් මෙරටට නීති විරෝධී අන්දමින් රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය මෙන්ම එම කටයුතු කරනු ලබන ජාවාරම්කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.