ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව 2019 ජුනි 09 වන දින සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරන ලදී.

ඒ අනුව, නෞකා දිනයට සමගාමීව සම්ප්‍රදායානුකූලව 2019 ජුනි 08 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අනිල් බෝවත්ත විසින් අංශ පිරික්සුම පවත්වා නැව්මුළුව ඇමතීමට කටයුතු කරන ලදි. අනතුරුව 2019 ජුනි 09 වන දින අණදෙන නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ‘සාගර’ නෞකාවේ 13 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් නැව්මුළුවට අයත් නාවික පුද්ගලයින්ගේ පවුල් වල සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විනෝද ක්‍රිඩා රැසකින් සමන්විත වු සුහද හමුවක් පැවැත්වීමට කටයුතු කරන ලදී.

එම අවස්ථාව සඳහා සහභාගී වූ නාවික පවුල් වල දරුවන් හට ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව, නෞකා දින වැඩසටන් මාලාව නිමාවට පත් විය.