ශ්‍රීලංනානෞ උදාර සහ වික්‍රම II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ වික්‍රම II යන නෞකාවන් අද (ජුනි 11) සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.

උදාර නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් නලින් ගෝනගල සහ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් හේමන්ත රණසිංහ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව අද උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව නෞකාවන්හි අණදෙන නිලධාරීන්ගේ අංශ පිරික්සීම් සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වි‍මෙන් අනතුරුව නෞකාවන්හි සංවත්සර වැඩසටහන් මාලාවන් නිමාවට පත්විය.


ශ්‍රී ලංකා නාවික නෞකා උදාර ‍නෞකාව සංවත්සරය සැමරිම


ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II ‍නෞකාව සංවත්සරය සැමරිම