ශ්‍රීලංනානෞ එඩිතර II සහ අභීත II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II සහ අභීත II යන නෞකාවන් 2019 ජුනි 11 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.

එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් සහ අභීත II නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ශානක ජයතිලක යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව 2019 ජුනි 11 වන දින උදෑසන නාවික සම්ප්‍රදායානුකූලව නෞකාවන්හි අණදෙන නිලධාරීන් ගේ අංශ පිරික්සීම් සිදු කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරින් විසින් නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලදි.

තවද, අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වි‍මෙන් අනතුරුව නෞකාවන්හි සංවත්සර වැඩසටහන් මාලාවන් නිමාවට පත්විය.


ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II ‍නෞකාව සංවත්සරය සැමරිම


ශ්‍රී ලංකා නාවික නෞකා අභීත II ‍නෞකාව සංවත්සරය සැමරිම