කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) රාජ් ප්‍රසන්ත 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.