බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2019 ජුනි 12 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පිහිටි බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත භාර දීම සිදු කෙරිණි. බටහිර නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් සුමිත් විරසිංහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් බටහිර නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මේවන විට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව හිටපු ආඥාපති වෙත බටහිර නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.