කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 .45ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මිහින්තලය, පොලිසිය එක්ව 2019 ජුනි 12 වන දින මිහින්තලය පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මිහින්තලය පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව පොලිසිය අසලදි වෑන් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහි තුල තිබි මෙම කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් අත්අඩංගුවට ‍ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 20, 25, 29 සහ 36 ක් වන මාතලේ සහ ගලේවෙල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ වෑන් රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මිහින්තලය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.