උතුරු නාවික විධානය භාර ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අද (ජුනි 14) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා හමුවිය.

උතුරු නාවික විධානය භාර ආඥාපති ගේ පත්විමෙන් පසු ආණ්ඩුකාරතුමන් හමු වූ පළමු නිළ හමුව මෙය වන අතර, එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. අනතුරුව එම නිල හමුව සනිටුහන් කරමින් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් ආණ්ඩුකාරතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.