උතුරු නාවික විධානය භාර ආඥාපති නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගනී

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර අද (ජුනි 15) නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගන්නා ලදී.

ඒ අනුව රියර් අද්මිරාල් කපිල සමරවිර උතුරු නාවික විධානය භාර ආඥාපති ලෙස පත්විමෙන් පසුව නාගදීප විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, අනතුරුව විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. අනතුරුව ආඥාපති විසින් විහාරස්ථානයේ සමරු පොතෙහි සමරු සටහනක් තැබිමට ද කටයුතු කරන ලදී.