වැදගත් සිදුවීම්

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (ජූනි 15) ක්‍රියාත්මක කරන ලදි.

15 Jun 2019

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Jun 2019

උතුරු නාවික විධානය භාර ආඥාපති නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගනී

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර අද (ජුනි 15) නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගන්නා ලදී.

15 Jun 2019

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේදී විදේශිය දුම්වැටි පැකට් 30 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Jun 2019