වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2019 ජුනි 14 වන දින ත්‍රිකුණාමලය, ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව ලිංගනගර් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ වර්ගයක් වන ප්‍රීගැසිම් (Pregazim) කරල් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ‍අත්අඩංගුවට ගෙන ඇත. මෙම වේදනා නාශක ඖෂධ තොගය නීති විරෝධී ලෙස යතුරුපැදියක් මඟින් බෙදාහැරිම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26 ක් සහ 30 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයන්, වේදනා නාශක ඖෂධ තොගය සහ යතුරුපැදිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රිකුණාමලය, දිසා දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.