නාවික හමුදාව ඉසින් බැස්සගල රජමහා විහාරයේ ආලෝක පුජාවක් පවත්වයි

නාවික හමුදාව විසින් පොසොන් පොහොය නිමිති කර ගනිමින් 2019 ජුනි 16 වන දින ඉසින් බැස්සගල රජමහා විහාරයේ චෛත්‍ය අභියස ආලෝක පුජාවක් පවත්වන ලදි.

ඒ අනුව 18 වන වරටත් ඉසින් බැස්සගල රජමහා විහාරයේ චෛත්‍ය අභියස ආලෝක පුජාව විහාරස්ථානයේ විහාරාධීපති ස්වාමින් වහන්සේගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති තුමන්ගේ පුර්ණ අධීක්ෂණයෙන් පවත්වන ලදි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්ෂා’ ආයතනයේ ආඥාපති, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පණ්ඩුකාභය’ ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් සහ ප්‍රදේශවාසි බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වන ලදි.

මෙම අවස්ථාවේ දි විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් යුද්ධයේ දි මීය ගිය රණවිරුවන්ට පිං අනුමෝදනා කර දැනට රාජකාරියේ නියුතු සියලුම නාවික හමුදා පුද්ගලයින් හට ආශිර්වාද කරන ලදි.