ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) එරන්ද වික්‍රමසිංහ 2019 ජුනි 17 වන දින වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අලෙක්ස්සැන්ඩර් පෝල්රාජ් විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා දකුණු නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අනුර ධනපාල ද සහභාගී වූ අතර, ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතන ජැටියේදී නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.