බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 18) අළුයම කල්පිටිය, කළපු ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය, කළපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 35 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1160 ක් සමඟ සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 35 සහ 42 වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත. මෙම බීඩී කොළ තොගය ‍ඩිංගි යාත්‍රාවක් මඟින් මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

එමෙන්ම උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 15 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 478.8 ක් සමඟ සැකකටයුතු පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 15500 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.