වැදගත් සිදුවීම්

බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 18) අළුයම කල්පිටිය, කළපු ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

18 Jun 2019

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

18 Jun 2019

කේරළ ගංජා ගෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 17 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Jun 2019

ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) එරන්ද වික්‍රමසිංහ 2019 ජුනි 17 වන දින වැඩ භාර ගන්නා ලදී.

18 Jun 2019