ඉන්දීය නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරය කරයි

ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් 2019 ජුනි 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව ද්වීපාර්ශවික සුහද සංචාරයක් සඳහා ජුනි 15 වන දින මෙරටට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් ජුනි 17 වන දින ගාලු කොටුව ඇතුළු වැදගත් ස්ථාන රැසක් නැරඹිම සඳහා එක්විය.

තවද, මෙම නියෝජිත පිරිස දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ අඥාපති, කොමදෝරු අනුර ධනපාල හමුවූ අතර, එහිදී ආඥාපති විසින් ඔවුන් හට සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.