වැලිසර ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා අද (ජුනි 19) නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය සමත් වන ලදි.

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා සහාය ඉල්ලා මහබාගේ, පොලිසිය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයෙන් නාවික පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසර් 02 ක් එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි.

ඒ අනුව, විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් මෙම ගින්න මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම නිවස පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.