ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා 2019 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව අද (ජුනි 20) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.