පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින මන්නාරම ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 33, 32, 30 සහ 27 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 358 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටතදහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, ඩිංගියාත්‍රාව, පිටතදහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.