බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 335.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මෙම බීඩි කොළ සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 09 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.