අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 24) උදෑසන මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක් සහ ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ආම්පන්න කිහිපයක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වසය අවුරුදු 22, 26 සහ 27 ක් වන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.