කොමාණ්ඩර් චමින්ද වි‍ඡේවර්ධන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් (Coastal Patrol Vessel) වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) චමින්ද විඡේවර්ධන අද (ජුනි 25) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා දකුණු නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අනුර ධනපාල ද සහභාගී වූ අතර, ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතන ජැටියේදී නව අණදෙන නිලධාරී ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.