බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 20.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 25 වන දින මන්නාරම, සනි විලේජ් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 20.7 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, සනි විලේජ් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සලයක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.