නාවික හමුදාව කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 26 වන දින මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ෂණ වලදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට සමත්ව ඇත.

සොයා ගන්නා ලද ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුත කරන ලදි.