‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 10 දෙනෙකුට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම අද (ජුනි 28) සිදු කෙරුණි.

ඒ අනුව 2019 වර්ෂයේ දෙවන අදියර යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් ආබාධිතව විශ්‍රාම ලබා සිටින සහ මිය ගිය/අතුරුදහන් වූ නාවික පුද්ගලයින්‍ 10 දෙනෙකු සඳහා අදාල ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ආබාධිත නාවික පුද්ගලයින් තිදෙනෙකු (03) හට සහ මිය ගිය/අතුරුදහන් වූ නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් හත්දෙනෙකු (07) සඳහා ප්‍රේශණ පත් ප්‍රදානය කරන ලදී.

එම ප්‍රේශණපත් නාවික පුද්ගලයින් හට සහ පවුල් වල සාමාජිකයින් හට පිරිනැමිමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, කොමදෝරු සෙනරත් විජේසූරිය ඇතුළු නාවික හමුදා සුභසාධක අංශයේ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.