ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදාවේ ජනාධිපති මත්ද්‍රවය නිවාරණ එකකයේ නිලධාරින් කැකිරාව ප්‍රදේශයේදී 2019 ජුනි 27 වන දින මත්ද්‍රවය නිවාරණය සම්බන්ධයෙන් දේශනයක් පවත්වන ලදී.

ඒ අනුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව මඟින් උතුරු මැද පලාත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපනය ‍සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය කේන්ද්‍ර කර ගනිමින් රඹෑව ප්‍රදේශයේදී පවත්වන ලදී.

සිවිල් ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වලක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ දේශනය පවත්න ලද අතර, ඒ සඳහා ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ ජනතාවද සහභාගිවි සිටියහ.

මිට අමතරව නාවික හමුදාව විසින් නාවික පුද්ගලයින් මතට ඇබ්බැහි වීම වලක්වා ගැනීම සඳහා මනෝ උපදේශන නිලධාරීන් මඟින් සියළු නාවික විධාන ආවරණය වන පරිදි මනෝ උපදේශන වැඩමුළු පැවැත්වීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, වෙළදාම, මත්ද්‍රව්‍ය ළග තබා ගන්නා ලද පුද්ගලයින් සෝදිසි කිරීම් සහ වැටලීම සිදු කර අත්අඩංගුවට ගැනීම ආදි වූ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.