බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (ජුලි 01) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදී රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් මහකොමසාරිස්තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමා විසින් මහකොමසාරිස්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.