හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 01 වන දින හම්බන්තොට ප්‍ර‍දේශයේදී හෙරෙයින් මිලිග්‍රෑම් 310 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් හම්බන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම හෙරොයින් විකිණිම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 22 සහ 33 වන වියෙහි පසුවන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ හෙරෙයින් ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු හම්බන්තොට, දුෂණ මර්ධන කොට්ඨාශය විසින් සිදු කරනු ලබයි.