අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුලි 02) අළුයම නොරොච්චෝලේ, කොයියාවඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 690 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් නොරොච්චෝලේ, කොයියාවඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ‍ගෙන ඇති අතර, නාවික හමුදාව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඔහු ලඟ පැකට් 10 ක අසුරා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වසය අවුරුදු 40 ක් වන නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නොරොච්චෝලේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.