රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් ගාල්ල රණවිරු ස්මාරකය අභියසදී

මව්බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද (ජූලි 02) ගාල්ල, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මැතිතුමා සහභාගී වූ අතර, දකුණු විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ද එම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින්ද එක් වී සිටියහ.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වු අතර, මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරමින් මියගිය රණවිරුවන්ට පිං පමුණවා අබාධිත රණවිරුවන්ට ආශිර්වාද එක් කළහ. අනතුරුව, පැමිණි සිටි සියළු ත්‍රිවිධ හමුදා පුද්ගලයින් මෙන්ම රණවිරුවන්ගේ ලඟම ඥාතින් රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කරන ලදී.