විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2019 ජුලි 02 වන දින කල්පිටිය, වන්නිමුන්දලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි විකිණිමට සුදානම් කර තිබූ කේරළ ගංජා පැකට් 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිදු කළ සෝදිසි කිරීමකදි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනයේදි මෙම පුද්ගලයින් ලඟ තිබී පැකට් 20 ක අසුරා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 44 ක් සොයා ගෙන ඇත. මෙම කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 38 සහ 42 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ත්‍රිරෝද රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරුණි. තවද, පසුගිය දිනවල සිදු කළ සෝදිසි කිරීම් වලදි කේරළ ගංජා අලෙවි කරනු ලැබූ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.