2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය 2019 ජුනි 29 වන දින දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව 2019 වර්ෂයේ ප්‍රථම නාවික හමුදා ගොල්ෆ් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වන ලදී.

මෙම තරඟාවලිය යුද්ධ හමුදා ගොල්ෆ් සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, මෙවර ජාතික මට්ටමේ සහ ත්‍රිවිධ හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින් 83 දෙනෙකු සහභාගී වන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින් හයදෙනෙකු (06) සහභාගී වූ අතර, එහිදී නාවික හමුදාව නියෝජන කළ කොමාණ්ඩර් මංගල මුම්මුල්ලගේ විසින් ‘යුද්ධ හමුදාධිපති කුසලාන’ අනුශූරතාවය හිමි කර ගැනීමට සමත් වන ලදී. එමෙන්ම දිර්ඝතම ධාවකයාට හිමි කුසලානය ද ඔහුට හිමි විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද හමුදා ගොල්ෆ් සමාජ ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.