ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ වැඩසටහන් රැසක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ඒ සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය තුල ඇති නාවික ආයතන තුළ මෙන්ම ත්‍රිකුණාමලය, සිංහල මහා විද්‍යාලය හා තිස්ස මහා විද්‍යාලය යන පාසල් තුළ ද වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එහිදී දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය ඇතුළු අහිතකර බලපෑම් ආදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර දේශන පවත්වන ලදී.

මෙම වැඩමුළු සඳහා පාසල් සිසුන් හා නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගීවි සිටි අතර, මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අමතරව ‍නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම අරමුණු කර ගනිමින් දිපව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කර ගෙන යනු ලබයි.