වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයෙන් සොයාගනී

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

05 Jul 2019

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 04 වන දින ත්‍රිකුණාමලය, නයාරු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Jul 2019

කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන කොරල් පර නැවත වගා කිරීමේ තවත් ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2019 ජුලි 04 වන දින කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී ආරම්භ කරන ලදී.

05 Jul 2019