‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

එම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රීඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC), රෝයල් සිලෝන් රුවල් යාත්‍රා සමාජය (RCYC), කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ‍සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය රුවල්යාත්‍රා සමාජ (St Thomas College) යන රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දෙස් විදෙස් ක්‍රීඩකයින් 70 දෙනෙකු රුවල් යාත්‍රා 55 කින් සහභාගී වූ අතර, මෙම තරඟාවලිය නැරඹිම සඳහා දෙස් වි‍දෙස් සංචාරකයින් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී පවත්වන ලද විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා නාවික හමුදාව ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

විවෘත (Open)

නායක නැවි පිඩිඩිඑස් රාජපක්‍ෂ ප්‍රථම ස්ථානය
 
සුළු නිලධාරී එන්ජීඑම්යු ඥානවර්ධන තෙවන ස්ථානය
සිවිල් ඉංජිනේරු කාර්මික ඒඑස්කේ ද සොයිසා

එන්ට්‍රපයිස් (Enterprise)

නායක නැවි ඩබ්එම්සී මාරඹේ ප්‍රථම ස්ථානය
නායක සෙබල ජීපීපී කරුණාරත්න
 
සුළු නිලධාරී එන්ජීඑම්යු ඥානවර්ධන දෙවන ස්ථානය
සිවිල් ඉංජිනේරු කාර්මික ඒඑස්කේ ද සොයිසා
 
සුළු නිලධාරී කේඩබිජීඊ ධනුෂ්ක තෙවන ස්ථානය
බළ නැවි කේඑස්කේ ද සිල්වා

ලේසර් විවෘත (Laser Open)

නායක නැවි පිඩිඩිඑස් රාජපක්‍ෂ ප්‍රථම ස්ථානය
බළ නැවි ජේඑස් සෙනවිරත්න දෙවන ස්ථානය

ලේසර් ස්ටැන්ඩර්ඩ් (Laser standard)

බළ නැවි ජේඑස් සෙනවිරත්න ප්‍රථම ස්ථානය
සුළු නිලධාරී කේජීසීයුඑස් බණ්ඩාර දෙවන ස්ථානය
නායක සෙබල යුඩී රාජපක්‍ෂ තෙවන ස්ථානය

ලේසර් රේඩියල් (Laser Redial)

නායක නැවි පිඩිඩිඑස් රාජපක්‍ෂ ප්‍රථම ස්ථානය