දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ජූලි 06) එම දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප ගෝඨාභය පෝල්ගේ අධීක්‍ෂණය යටතේ දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ සහ නාවික ස්ථානගතකිරිම හම්බන්තොට යන ආයතනයන්හි නිලධාරින් හා නාවිකයන්ගේ සහභාගීත්වයෙන් හබරාදුව, ගිංතොට තංගල්ල ධීවර වරාය සහ හම්බන්තොට වෙරළ උද්‍යානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිඳු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරය නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකි විය.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නීල හරිත සංකල්පය යටතේ මෙවැනි වැඩසටහන් අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කරනු ඇත.


ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ


ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ


ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ


නාවික ස්ථානගතකිරිම හම්බන්තොට