ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2019/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය 2019 ජූලි 05 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බඝණ මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත කුලරත්න එක් විය. මෙම පුහුණු වැඩසටහන සඳහා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ නාවික පුද්ගලයින් 12 දෙනෙකු සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් 24 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 36 දෙනෙකු සහභාගි වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 19 වන විශේෂ බලකායේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පාඨමාලාව මෙහෙයවන ලදී.

ඒ අනුව, මෙම පාඨමාලා තුලදී මානව හිමිකම්, භූමි යුධ නීතිය, උපායශීලී සටන් අණතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තිරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම මෙන්ම එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර, දැනුම හුවමාරු කර ගැනීමට හැකි විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානුතානාපති කාර්යාලය නියෝජනය කරමින් ලුතිනන් කොමාණ්ඩර් ජෙනතන් බාක්, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමෙන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.