පතරොම් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව 2019 ජූලි 06 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී පතරොම් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවටගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද සහ වයඹ නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක් පිටුපස ඉඩමෙහි වළ දමා තිබූ මිමි 7.62 x 39 ප්‍රමාණයේ පතරොම් 14 ක් සොයාගෙන ඇති අතර, එහිදී එම නිවසේ පදිංචි කරුවන් වන වයස අවුරුදු 71, 62 සහ 29 වියෙහි පසුවන පුද්ගලයින් තිදෙනෙකු (03) ද ඒ සමඟ සැක පිට අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සහ පතරොම් තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.