නාවික හමුදාව විසින් කැළණිය, වනවාසල ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ඇල මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් එක් පියවරක් ලෙස අද (ජූලි 08) කැළණිය වනවාසල කොරල් දූව ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම පරිදි බටහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ඇලමාර්ගය පිරිසිඳු කිරීමේ කටයුතු සිදු කරන ලදී.