4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන වැඩ භාර ගනී

නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක යාත්‍රා බළඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) දම්මික විජේවර්ධන අද (ජුලි 08) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (ජලමානක) ඉන්දික ප්‍රේමරත්න විසින් නාවික තඨාකාංගණය තුල පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී කාර්යාලයේ දී නිල වශයෙන් එතුමන් වෙත එම ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එහිදී හිටපු අණදෙන නිලධාරී හට සම්මාන මුරයක් පිරිනමමින් සමුදීම සිදු කළ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.