හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීතිවිරෝධී ලෙස යකඩ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව 2019 ජුලි 08 වන දින සිදුකල මෙහෙයුමකින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දකුණූ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ හම්බන්තොට, පොලීසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධි ලෙස ලොරි රථයක් මඟින් යකඩ කිලෝ ග්‍රෑම් 1500 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 39 ත් 23 ත් අතර, වියෙහි පසුවන අම්බලන්තොට සහ හම්බන්තොට පුදේශයේ පදිංචි කරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, යකඩ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.