නාවික හමුදාධිපති තුමා විසින් බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ දී පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (ජූලි 10) බටහිර නාවික විධානයේ අංශ පිරික්සුම ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ සරඹ පිටියේදී පවත්වන ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ විසින් නාවික හමුදාධිපති තුමා බටහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අණතුරුව නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුම ආරම්භ කරන ලදී. අණතුරුව නාවික හමුදාධිපති තුමා විසින් බටහිර නාවික විධානය නියොජනය කර එම අවස්ථාවට සහභාගී වු සියළු නාවික පුද්ගලයන් ඇමතීමට ද කටයුතු කරන ලදී.

එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, දෙපාර්තමෙන්තු ප්‍රධානීන් සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ආයතන හා නෞකාවල අණදෙණ නිලධාරීන් ඇතුළු බටහිර නාවික විධානය නියෝජනය වන පරිදි නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.